Breaking News
Loading...
April 1, 2012

Info Post
මෙගා මිලියන් ලෙස නම් කර ඇති ලොව විශාලතම ත්‍යාග මුදලක් පිරිනමන ලොතරැයි දිනුම් ඇදීම මේ දිනවලදී ඇමරිකාවේදී පැවැත්වෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 640ක් හෙවත් රුපියල් කෝටි 8200 පමණ වෙන මෙම ත්‍යාග මුදල දිනා ගැනීමට බොහෝ දෙනෙක් උත්සහ කරා. මේ අතර පුවත්පත් වාර්තා සදහන් කරන ආකාරයට මේ වනවිට Maryland, Illinois හා Kansas යන ප්‍රදේශ වලින් ටිකට්පත් මිලට ගත්තවුන් තිදෙනෙක් ජයග්‍රහණය කර ඇති බවට දැන ගන්නට ඇතිමුත් ඔවුන් තවම ඉදිරිපත් වී නැහැ.

මේ පිළිබදව අදහස් දක්වන Maryland හි ලොතරැයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ "මේක ඇත්ත වශයෙන්ම අපූර්වථම හා ඉතිහාසගත වෙන අවස්ථාවක්" කියාය. මේ අතර මේ මුදල දිනා ගන්නා තැනැත්තන් දිනකට රුපියල් ලක්ෂ 10 ගානේ වියදම් කරත් මෙම මුදල ඉවර වීමට වසර ගණනාවක් ගතවෙනවා.

කෙසේ වෙතත් මේ අතිවිශාල මුදල දිනා ගන්නා අයට එම මුදලේ ඇති විශාලතම බව නිසාම අප්‍රසිද්ධියේ ජිවත් වීමට සිදුවිය හැකි බව විචාරකයන් මත පල කරනවා.