Breaking News
Loading...
March 28, 2012

Info Post
නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීමේදී බොහෝ සෙබළුන් සිහිසුන්ව ඇදවැටිලා...

නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරයක් පැවැත්විණි.

එහිදී සෙබළකු සිහිසුන්ව ඇද වැටීම යුරෝපා මාධ්‍යට රස පුවතක් විය.

මේ ආකාරයට පසුගිය කාලයේ යුරෝපයේ නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාරයන් හිදී සෙබළු සිහිසුන්ව ඇදවැටුණු බව යුරෝපා මාධ්‍ය පවසයි.


විලියම් කුමරුගේ බිසව කැතරින් මිඞ්ල්ටන් පිළිගැනීම සඳහා එරට පැවැති උත්තමාචාරයකදී මෙන්ම ස්පාඤ්ඤයේදී පිලිප් ජුආන් පැබ්ලෝ කුමරු පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාර පෙළපාළියන්හිදී මෙසේ සෙබළු සිහිසුන්ව ඇද වැටුණාහ.