Breaking News
Loading...
March 18, 2012

Info Post
වේයන්ගොඩදී දුම්රියෙන් වැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්විය.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ඡායාරූපය එවූ සිද්ධිය ඇසින්දුටුවකු පැවසූවේ, අදාළ තරුණයා  දුම්රියෙන් බැසීමට පා පුවරුවට පැමිණි අවස්ථාවේ පා පුවරුව කඩාගෙන වැටුණු බවයි.

අනතුරින් පසු තරුණයා තමන්ගේ දෙපා කැඩී ඇති දැයි, රැස්ව සිටි පිරිසෙන් විමසූ බවත් ඉන්පසුව තමන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් සිද්ධිය ඇසින්දුටුවකු පැවසීය.

අනතුරට පත් තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුයේ, වේයන්ගොඩ එළුව පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.




1 comments:

  1. now government wants everyone looking at UN so problems about basic things like transport and cost of living is hidden

    ReplyDelete