Breaking News
Loading...
March 7, 2012

Info Post
සෝනි සමාගමේ සෝනි මියුසික් වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල කළ සයිබර් ප‍්‍රහාරකයක් විසින් එහි තිබූ මයිකල් ජැක්සන්ගේ ගීත සොරකම් කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව සෝනි සමාගම විසින් සනාථ කර ඇත.කෙසේ වෙතත් මෙලෙස සොරකම් කර ඇති ගීත සංඛ්‍යාව පිළිබඳව සෝනි සමාගම විසින් තවමත් හෙළි කර නැත.

මයිකල් ජැක්සන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ ගීත වල අයිතීන් වසර 7කට ලබාගැනීමට සෝනි සමාගම සමත්විය. එම ගනුදෙණුව සඳහා ඔවුන් වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 250කි.

සෝනි සමාගමේ ප්ලේස්ටේෂන් ජාලය පසුගිය අපේ‍්‍රල් මාසයේදී සයිබර් ප‍්‍රහාරයකට ලක් වූ අතර, මයිකල් ජැක්සන්ගේ ගීත සොරකම් කර ඇත්තේ මීට පසුව බව විදෙස් වාර්තා වල සඳහන් වේ.කෙසේ වෙතත්, මෙම ගීත සොරකම පිලිබඳව මුල් වරට අනාවරණය වූ අවස්ථාව මෙයයි.

සෝනි මියුසික් වෙබ් අඩවියේ තවත් කලාකරුවන්ගේ ගීත නිර්මාණ රැුසක් ඇති අතර, මෙම නිර්මාණද සයිබර් ප‍්‍රහාරකයන්ගේ ගොදුරු වී ඇති දැයි තවමත් හෙළි වී නැත.