ලොව නිෂ්පාදිත ත‍්‍රිමාන චිත‍්‍රපට අතර අතිශය ජනප‍්‍රියවූ මැඩගස්කාර් චිත‍්‍රපව පෙළෙහි තෙවැනි කොටස වන ‘‘මැඩගස්කාර් 3’’ හි නිර්මාණ කටයුතු මේ වන විට අවසන් කොට තිබේ.
මෙවර පැවැත්වෙන 65 වැනි ‘‘කෑන්ස් සිනමා උළෙලේදී’’ මෙහි මංගල දර්ශනය පෙන්වීමට නියමිතය.
එරික් ඩානෙල්, ටොම් මැක‍්‍රාත් සහ කොන්රාඞ් වර්නන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදනය සිදුකර ඇත්තේ ‘‘ඩ‍්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් ’’ ආයතනයෙනි.
පැරමවුන්ට් පික්චර්ස් ආයතනය මෙය බෙදාහැරීමේ කාර්යයට අතගසා තිබේ.
මැයි 16 සිට 27 වැනිදා දක්වා කෑන්ස් සිනමා උළෙලේදී පෙන්වීමෙන් අනතුරුව ජූනි 8 වැනිදා සිට ‘‘මැඩගස්කාර් 3’’ ඇමරීකාවේදී තිරගත කිරීමට නියමිතය.
‘‘මැඩගස්කාර් 3’’ වැඩ නිමයි
Info Post
