February 14, 2012

Info Post
ලෝකයේ විවිධ වූ දේ සදහා දින වෙන් කර ඇත.. ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනයත් ඒ වගේම අපේ සමාජය තුළ පිළිගත්ත දිනයක් බවට මේ වෙනකොට පත් වෙලා
වැලන්ටයින් දිනය ගැන කතා කරද්දි මේ වැලන්ටයින් කියන්නෙ කවුද මේ දිනය හා බැඳුණු ඓතිහාසික කාරණා මතවාද රාශියක් තියෙනව මේ වැලන්ටයින් කියන පියතුමා ජීවත් වුනේ රෝමයේ එතුමා ඒකාලෙ හිටපු ආදරවන්තයින් ආදරවන්තියන් වෙනුවෙන් කටයුතු කරපු නිසා රෝම පාලකයන්ගේ උදහසට ලක්වෙලා ජීවිතය පූජා කරනව මේ මතයට අමතරව මත රාශියක් ආදර වන්තයින්ගේ දිනය එහෙමත් නැත්තම් වැලන්ටයින් දිනය පිළිබදව තියෙනව

කොහෙම වෙතත් සෞදි අරාබිය” පකිස්තානය” ඉරානය වගේ රටල ආදරවන්තයින්ගේ දිනය සැමරීම තහනම් කරල තියෙනව’ ඒකට ප්‍රධාන තර්කය හැටියට පේන්න තියෙන්නෙ වැලන්ටයින්  දිනය නිසා සංස්කෘතියට හානියක් සිදු වෙනවයි කියන එක’ මේ මතය අද වෙන කොට ලංකාව ඇතුළෙත් පේන්න තියෙනව’ අපිට බොහෝ විට පේන්න තියෙන දෙයක් තමයි මේ ආදරවන්තයින්ගේ දිනය තාමත් නගරයට පමණක් සිමා වුණ දෙයක් කියල’ ලංකාවෙ තියෙන සංස්කෘතියෙන් එහාට ගිය පිරිසක් පමණක් මේ ආදරවන්තයින්ගේ දිනය සැමරීම නිසා සහ ඔවුන්ගේ විවිධවූ ක්‍රියාකාරකම් සමාජය තුළ විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව වැලන්ටයින්  දිනය දැඩි ලෙස විවේචනය කරන බවක් පේන්න තියෙනව’ වැඩිහිටි අය කියන දෙයක්  තමයි වැලන්ටයින් දිනය කියල කරන දේවල් මහ බොළඳ වැඩ කියල කිසිම ප්‍රයොජනයක් නැති දෙයක් කියල’

ඒ වගේම තවත් කාරණයක් තමයි ආදරවන්තයින්ගේ දිනය අද වෙනකොට වාණිජකරණයට ලක්වීම’ උසස් යැයි සැලකෙන සමාජ පන්ති වල තරුණ තරුණියන් ඉලක්ක කරගෙන තමන්ගේ වාණිජ පරමාර්ථ ඉෂ්ට කර ගැන්න විවිධ වැඩසටහන් සමාජය තුළ දියත්වන ආකාරයක් පෙනෙන්නට තිඛෙනවා’ විශාල වශයෙන් රාත්‍රී සමාජශාලා නාගරික පරිසරය තුළ ව්‍යාප්ත වීමත්” ඒ වටා උසස් යයි සැලකෙන සමාජ පන්ති වල තරුණ තරුණියන් ඒකරාශී වීමත්” සමාජශාලා අයිතිකරුවන්ට වැලන්ටයින් දිනය තම වාණිජ කටයුතු ස`දහා යොදා ගැනීමට රුකුලක් වී තිඛෙනවා’

90 දශකයෙ තමයි ලංකාවෙ වැලන්ටයින් දිනය සමරන එක ආරම්භ වෙන්නෙ’ විශේෂයෙන් මේ වැලන්ටයින් දින සැමරුම සිරස නාලිකාව ගෙනාපු විෂබීීජයක් කියලත් වැඩිහිටියො කියනව’ ඒකටත් හේතුවක් තියෙනව’ ඔබට මතක ඇති

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් —රත්තරන්  වැස්ස˜ වැනි වැඩසටහන් අප රට තුළ ක්‍රියාත්මක වුණා’ මේක කළේ සිරසෙන් ලංකාව ඇතුලෙ විවිධ දේවල් වාණිජකරණය කරන්න අපේ භෂාවෙන්ම කියනවනම් මාකට් කරන්න සිරසට හැකියාවක් තිබුණ ඒකට ප්‍රධාන හේතුවක් තමයි සිරස වටා ජනතාව ඒකරාශී වීම’ මේ ඇතිවෙච්ච ජනතා ප්‍රතිචාරත් එක්ක සිරසට පුලූවන් වුණා කවදාවත් ලංකාවෙ අය හිතපු නැති විදිහට වැලන්ටයින් දිනය මාකට් කරන්න’ සිරස මේකට පාවිච්ච් කළා එහෙමත් නැත්තම් ඩැහැගත්ත ඒ වෙද්දි තාරුණ්‍ය හා වෙලූණු චරිතයක් ඒ උපුල් ශාන්ත සන්නස්ගල’ සිරස හිතුව තරුණ පරපුරේ සිත් දිනාගෙන හිටපු මේ පුද්ගලයව මේ කාරණයට ඉත්තෙක් කරගත්තම ලොකු ප්‍රචාරයක් සමාජය තුළින් ලබාගන්න පුලූවන් කියල’ ඒ ක්‍රියාදාමය සාර්ථක වුනා’ උපුල් ශාන්ත සන්නස්ගල මේකෙ හවුල් කාරයෙක් වෙනවත් එක්කම විශාල තරුණ පිරිසක් මේකට එකතු වෙනව’ මේ රත්තරන් වැස්ස වැඩසටහන ස`දහා සහභාගී වෙන්න අවස්ථාව ලැඛෙන්නෙ පෙම්වතුන්ට පමණයි ඒකියන්නෙ ප්‍රේමයෙන් වෙලූනු ජෝඩු වලට පමණයි’ කොහොමහරි අදාල දවසෙ විශාල පිරිසක් රත්තරන් වැස්සේ අශ්වාදය වි`දින්න මහරගම තරුණ සේවා සභාවට එනව අන්තිමට සංවිධායකයන්ට මේ පිරිස පාලනය කරගන්න බැරිවෙලා මහා ගැටුමක් බවට මේක පත්වෙනව’ අවසානයේ ආදරවන්තයින් යැයි කියාගන්නා පිරිස සමස්ත සමාජය ඉදිරියේ අශීලාචාර පිරිසක් බවට හංවඩු ගැහෙනව’ මේ රත්තරන් වැස්ස නමින් ඇති කරන්න හැදුවෙ අශීලාචාර තරුණ පරපුරක් කියල හිතපු සමාජය මීට වඩා හරවත් විදිහට සමාජය දිහා බලන්න” ආදරය දිහා බලන්න තරුණ

පරපුර හුරු කරන්න හිතාගෙන විවිධ ආගමික වැඩසටහන් පටන් ගන්නව’ මේකෙදි රත්තරන් වැස්ස ඉලක්ක කරගෙන කරපු වැඩසටහන තමා අමා වැස්ස’ මෙන්න මේ ආකාරයෙන් ආදරවන්තයින්ගේ දිනය විවිධ වැඩසටහන් දියත් වෙනව වගේම  විවිධ අර්ථ කථනත් එකතු වෙනව’

විවිධ මාධ්‍ය ආයතන වලින් අදත් මෙවැනි වැඩසටහන් සමාජය තුළ ක්‍රියාත්මක වෙනව’ සංවිධාන මගින් විවිධ උත්සව සංවිධානය කරනකොට අර කලින් ස`දහන් කළා වගේ සංස්කෘතික සහ සමාජ ගැටළු මුල් කරගෙන සමාජය තුළ විවේචන එල්ලවෙනව වගේම මෙම ක්‍රියාකාරකම් වලට එරෙහිව —අමාවැස්ස˜ වගේ වැඩසටහන් බිහි වෙනව’

විවේචන වගේම ආදර වන්තයින්ගේ දිනය අගය කරන අයත් සමාජය තුළ ඉන්නව’ විශේෂයෙන්ම තරුණ පරම්පරාව ආදරවන්තයින්ගේ දිනය පිළිගන්න බවක් පේන්න තියෙනව’ ආදරවන්තයින්ගේ දිනය හා බැ`දුණු ක්‍රියාකාරකම් නිසා තරුණ තරුණියන් අතර සුහදත්වයක් ගොඩනැගෙනව කියන එක වැලන්ටයින් දිනය ගැන සමාජයේ තියෙන සුබවාදී ආකල්පයක්’ ඒවගේම විශාල පිරිසකට රුකියා ජනිතවීමක් වැලන්ටයින් දිනය නිසා සිද්ධ වෙනවා’ ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව සංසරණය වන සුබ පැතුම්පත්” රොස මල් වැනි නිර්මාණ නිසා සුලූ කර්මාන්ත කරුවන්ට මේ සමය ඛෙහෙවින් අතමිට සරු සමයක්’

මේ ආදීවූ විවේචන” ප්‍රශංසා රාශියක් ආදරවන්තයිනගේ දිනය පිළිබ`දව සමාජගතව තිඛෙනවා’ විටෙක පිරිසකට රසවත් වන දෙය තවත් පිරිසකට නීරස විය හැකිය’ එය සමාජ යථාර්ථයයි’

පුලස්ති අල්විස්

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by