Breaking News
Loading...
February 4, 2012

Info Post
වීදුරු වෙරළ තීරය කාලයකට ඉහත කැලිෆෝනියාවේ Bragg වරාය ආසන්නයෙ පිහිටි සාමාන්‍ය වෙරළකි.
මෙම වෙරළ අවට නගරවාසීන් ඔවුනගේ නිවාස වල එකතු වන ඝන අපද්‍රව්‍ය සමඟ බහුල ලෙස වීදුරු වලින් සැදුණ අපද්‍රව්‍යත් මෙහි බැහැර කිරීම නිසා වෙරළ තීරයම අපවිත්‍රව පැවතියත් පසුකාලීනව නගර පාලකයන් විසින් විවිධ ක්‍රම මගින් ඉහත වෙරළ තීරය පිරිසිදුකර වෙරළ දුෂණය අවම කර ඇත.

නමුත් මුහුදට එකතු වුණු විදුරු, රළ පහරට හසුව කුඩා කැබලි වලට කැඩී කාලයත් සමඟ ඔප මට්ටම් වී අද දක්නට ලැබෙන සුන්දර වෙරළ තීරය සෑදි ඇත. වර්ණවත් සුන්දර දර්ශණක් වන මෙම විදුරු වෙරළ තීරය සංචාරකයන්ගෙ පාරාදීසයක් වී ඇත.

බැහැයි පාවහන් නැතුව වෙරළෙහි ඇවිදීම නම් සුන්දර දෙයක් නෙවෙයි.

මෙම වෙරළෙහි වර්ණවත් විදුරු ගල් කැට සිහිවටන ලෙස රැගෙන යෑම නම් තහනම්.