Breaking News
Loading...
February 3, 2012

Info Post
Amazing Banta - හින්දි චිත‍්‍රපටි ඉතිහාසයේ වැඩිම ව්‍යාජ පිටපත් ඇති චිත‍්‍රපටය, විද්‍යා බාලන් රඟන ’ඩර්ටි පික්චර්’ බව වාර්තා වේ.
මේ බව පවසා ඇත්තේ ’ඩර්ටි පික්චර්’ නිෂ්පාදක එක්තා කපූර් ය.

පසුගියදා මුම්බායි හිදී පැවැත්වුණු ’ඩර්ටි පික්චර්’ ඩීවීඩී තැටි එළිදැක්වීමේ උත්සවයේ දී ඇය මෙලෙස පවසා ඇත.

වසර 2011 දී තිරගත වූ අතිසාර්ථකම හින්දි චිත‍්‍රපට අතුරින් එකක් වන ’ඩර්ටි පික්චර්’ මේ වන විට උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 23.4කි.

මිලාන් ලූති‍්‍රයා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ’ඩර්ටි පික්චර්’ චිත‍්‍රපටිය දකුණු ඉන්දියවේ සරාගීත්වයේ සංකේතයක් ලෙස සැලකුනු විජේලක්ෂ්මී හෙවත් සිල්ක් ස්මිතා ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වී ඇති අතර, එම චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය වන ස්මිතාගේ චරිතය විද්‍යා විසින් නිරූපනය කරනු ලබයි.