Breaking News
Loading...
January 23, 2012

Info Post
තම දරු පැටවුන් බේරාගැනීම සඳහා මිනිස් ආරක්ෂාව පැතූ කුරුලූ පවුලක් සම්බන්ධ කතා පුවතක් වෙන්නප්පුව ලූණුවිල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
කුරුළු පැටවුන්ට දින දෙක තුනකට වඩා වයස නැතැයි පැවසෙන අතර එවැනි පැටවු අටදෙනෙකු මේ පවුලට අයත් බවද පැවසේ.

කාක්කන් හා වෙනත් සතුන්ගෙන් පැටවුන්ට හානි සිදුවෙතැයි බියෙන් මේ කුරුළු පවුල මිනිස් සහය පතා ඇත.

කෙසේවුවද මේ වන විට පැටවුන් දෙදෙනකු මියගොස් ඇති අතර ඉතිරි පැටවුන් 06 දෙනා සහ කුරුලූ මව ලූණුවිල ගම්මානයේ නිවසක කූඩුවක ආරක්ෂාව ලබති.

කුරුලූ පියා අවස්ථා කීපයකදීම තම දරු පවුල බැලීම සඳහා පැමිණ ගොස් ඇත.

මේ කුරුල්ලන් බැලීම සඳහා විශාල වශයෙන් ජනතාව පැමිණෙන අතර මෙතෙක් කිසිවෙකු මේ කුරුලූ විශේෂය හඳුනාගෙන නොමැත.