Breaking News
Loading...
January 16, 2012

Info Post
ලොව සුප‍්‍රසිද්ධ ටයර් සමාගමක් වන බි‍්‍රජස්ටෝන් ටයර් සමාගම විසින් හුළං නොමැතිව ධාවනය කර හැකි වාහන ටයරයක් නිෂ්පාදනය කොට ඇති අත‍ර භාවිතයෙන් පසුව සම්පූර්ණයෙන්ම ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි මෙම ටයර් පසුගියදා පැවැති ටෝකියෝ මෝටර් ප‍්‍රදර්ශණයේදී එළිදක්වා ඇත.

අඟල් 9ක විශ්කම්භයෙන් යුත් මෙම ටයරයකට කිලෝග‍්‍රෑම් 150ක බරක් දැරිය හැකි බව බි‍්‍රජස්ටෝන් සමාගම පවසයි.තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම ටයර්, ඉදිරියේදී වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට බි‍්‍රජස්ටෝන් සමාගම අදස් කර සිටියි.මීට කලින් ප‍්‍රංශ ටයර් සමාගමක් වන මිචලින් සමාගම විසින් ද හුළං නොමැති ටයරයක් එළිදැක්විණි.ට්වීල් නමින් හඳුන්වනු ලැබුණු එම ටයරය එළිදැක්වුනේ වසර 2005දී ය.