Breaking News
Loading...
December 24, 2011

Info Post
මේ පෝස්ට් එක දාන්න ගොඩ දවසක ඉදන් අදහසක් තිබුණත් මොන ‍වගේ ප්‍රතිචාර හම්බෙයිද කියල බයක් තිබුන නිසා වැඩේ පහු උනා




 ඔගොල්ලත් වීදි ගණිකාවන් ඕන තැරම් දැකල තියන්න පුළුවන් ඒත් නිරීක්ෂණ මගින් නිගමන වලට එලබෙන්නේ නැති නිසා ඒ ගණිකාවක් කියල නොහිතන්නට පුළුවන්. බස් නැවතුම්, හෝටල්, මහපාර අද්දර මේ අය ඕන තරම් ඉන්නවා. ඇතැම් අය දිවා කාලයේ සේවය කරන අතර ඇතැම් අය සේවය කරන්නේ රාත්‍රී කාලයේයි.

මේ අය ඉතා අපිරිසිදුවට ඇදන් ඉන්න අය වන අතර හැමදාම එකම වෙලාවට එකම තැන ඉන්නවා දකින්නට පුලුවන් ය. අවු 20 -40 අය මේ අතර වැඩිවශයෙන් සිටින අතර අවු 60 ගණන්වල අය පවා දැන් ඉන්නා බව සොයාගෙන ඇත.

මේ අය ගැන කියනවනම් මේ අය ගොඩක් දුප්පත් පවුල් වලින් පැමිණෙන අයය. සාක්ෂරතාවද අන්තිමය. 5 වන පන්තිය දක්වා වත් උගත් අය සිටින්නේ 15% පමණ ය. විවාහ වී දැන් වෙන්වී සිටිනා අය මෙන්ම, සිය සැමියන් පිම්පියන් වශයෙන් කටයුතු කරන කාන්තාවන් ද මේ අතර සිටි. සැමියන් මේ ආකාරයට බිරින්දෑවරුන් විකුණන් කන තත්වයට වැටීම ඉතා ඛේදජනකය.

 මේ වීදි ගණිකාවන් කොටස් 4කට වර්ග කිරීමට පුලුවන්ය.
1) අනුග්‍රහකයා ලගට යන අය
2) අනුග්‍රහකයා ගේ මොටර් රථයේ / ත්‍රී විලරයේ අදාල කටයුතු කරන අය
3) අනුග්‍රහකයා තමන් වෙසෙනා තැනට ගෙන්වා ගන්නා අය
4) වෙරළ අද්දර, පාලු තැනක අදාල කටයුතු වල නිරත වන අය

කොළඹ නගරයේ මේ 4 වර්ගයෙන්ම 3500 පමණ දෙනා ඇති බව සොයාගෙන ඇත. මුලු රටේ ම එවැනි අය 4100 පමණ ඇතැයි ගණන් බලා ඇත. නුවර, අනුරාධපුර, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, කළුතර, හික්කඩුව, මාතර ඇතුළු විශාල නගර සංඛ්‍යාවක මේ අය ඇතැයි සොයා ගෙන ඇත.

මූලාශ්‍ර :- මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ "ශ්‍රී ලංකාවේ ගණිකාවෝ" ව්‍යාපෘති වාර්තාව



සමාජය ගැන දැන සිටීම කෝකටත් හොද නිසා මම මේ පෝස්ට් එකෙන් මගේ අත්දැකිම් ඔන්න ඕගොල්ලොත් එක්ක බෙදා ගත්තා. මේ පෝස්ට් මාලාව ඉදිරියට ගෙන යනවද, මෙතනින් නතර කරනවද කියන එක ඕගොල්ලන්ට බාරයි.

මේකට කමෙන්ට් කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ කියලයි මට නම් හිතෙන්නේ, ඒක නිසා කොමෙන්ටුවක් එහෙම දාල, යන්නකෝ......!!!!

4 comments:

  1. very good for all of teenagers thanks sheril

    ReplyDelete
  2. gud one..tham dan de apa samga bedagana

    ReplyDelete
  3. ගණිකාවෝ ගැන අපේ රටේ මිට වඩා දියුණු තත්වයන් තියෙනවා ඒ ගැන නිසි අධ්‍යනයක් නැ එකයි අවුල

    ReplyDelete