මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ඡායරූප ශිල්පී රිච්ඩ් ලෑම් විසින් කැනේඩියානු පොලීසිය සහ ජනතාව
අතර ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයකදීය. මෙහි දැක්වෙන යුවල පසුව හඳුනාගත් පරිදි ඕස්ට්‍රේලියානු ජාතික ස්කොට් ජෝන්ස් සහ ඔහුගේ කැනේඩියානු ජාතික පෙම්වතිය වන ඇලෙක්ස් තෝමස් යන අයයි. ස්කොට් බාර් එකක සේවකයකු වන අතර ඇලෙක්ස් විශ්වවිද්‍යාල සිසුවියක් වනවා. පොලීසිය හා ජනතාව අතර දැඩි ගැටුමක් පවතිද්දි ජනතාව පොලිස් පහරදීම වලින් පසු බැස පළායන මොහොතක ඇලෙක්ස් පොලිස් පහරදීමක් නිසා බිම ඇද වැටුණායා. ඒ මොහොතේම එහි පැමිණි ස්කොට් ඇයව සනසවමින් සියලු දේ ඉක්මනින් යථා තත්වයට එනු ඇති බව පවසා ඇයව සිපගත් අයුරු ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසයි
ගුටි කෙළි මැද්දේ පෙම් කෙළිය
Info Post





