Breaking News
Loading...
December 4, 2011

Info Post
සොහොන්බිමක ශාන්තිකර්මයක් කරමින් සිටි යකැදුරෙකු ඇතුළු පිරිසක් මහසෝනාට බියවී ආතුරයා දමා පල ගිය පුවතක් මාඔයට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
මන්තර කියමින් දුම්මල කිරි ගසද්දී මහසෝනා එන්නට ඇතැයි ඔවුහු සිතූහ.කලක් තිස්සේ අසනීපව සිටි තරුණියකි. ඇයට මළගිය ප්‍රේතයකුගේ බැල්මක් ඇති නිසා ශාන්තිකර්මයක් කිරීමට තීරණය විය.කෙම්මුර දිනයක සොහොන්බිමකදී මෙම ශාන්තිකර්මය කළ යුතුබව යකදුරාගේ නියමය විය.හැඩි දැඩි තරුණයන් කීප දෙනෙකුත් සමඟ ගමේ පාළු පෙදෙසක පිහිටි සොහොන් බිමට ගියේ තරුණිය හා ඇගේ මවද සමඟය.සොහොන් බිමේ පිහිටි විශාල නුග රුක මුල යාගය ආරම්භ විය. ගිනි කබලට කට්ටකුමංජල් මෙන්ම දුම්මලද වැදිණෛ. ඒ රස්නය නිසා ගසේ සිටි කබරයෙක් බිම ඇද වැටුණේය.යකදුරා ඇතුළු පිරිස මහසෝනා ආවැයි දිවූ දිවිල්ල අලුත් ඔලිම්පික් ධාවන වාර්ථාවක් විය හැකිලු. ඔවුන්ගේ මරහඬ ගම භීතියට පත් කළේය. ඒ අසල සොහොන් බිමේ ගෙයි සිටි මව හා රෝගී දියණියද දුවන්නට සැරසෙද්දී කබරයා පලායනු දැක නතර විය.මව හා දියණිය සිද්ධියෙන් බියපත් නොවුණත් කට්ටඬිය ඇතුළු තරුණ පිරිස සිහි එලවා ගත්තේ පිරිත් පැන් ඉසීමෙන් පසුවය.