December 15, 2011

Info Post
ලොව පුරා සංචාරකයින්ගේ නොමඳ අවධානය දිනාගත් ලෝකයේ දැනට නිර්මිත ලොව දැවැන්තම දුම්රිය මාර්ගය හා ගුවන් තොටුපළ ආකෘතිය පිළිබදව මෙම පුවත වාර්තා වෙනවා.

Miniatur Wunderland ලෙස නම් කර ඇති ජර්මනියේ Hamburg හී පිහිටි මෙම ආකෘතිය සංවර්ධිත නගරයක පිහිටි සියලුම අංගයන්ගෙන් සමන්විත වෙනවා. කලබලකාරි නගරයක පැය 24 පුරා සිදුවන සාමාන්‍ය සිදුවීම් සියල්ල මෙම විශ්මලන්තයෙන් නිරූපණය කරනවා. දවස පුරා ගමනාගමනයේ යෙදෙන දහස් සඛ්‍යාත දුම්රිය,ගුවන් යානා,මොටර් රථ සහ නෞකා මෙම විශ්මලන්තයට අයත් ප්‍රධාන අංග අතර වනවා.
 මෙම විශ්මලන්තයේ නිම කර ඇති දුම්රිය මාර්ගය සැතපුම් 7 දුරින් යුක්ත වන අතර එම මාර්ගය වර්ග අඩි 16,000 පුරා විහිදෙනවා. විශ්මලන්තය පුරා 200,000 පමන මිනිස් ආකෘති ඇති අතර මෝටර් රථ 4000,ගොඩනැගිලි 800 කින්ද යුක්ත වනවා. ඇමරිකාවේ එකි නෙකට වෙනස් වු භූගෝලීය ලක්ෂණ 6ක් මෙම විශ්මලන්තයෙන් පෙන්නුම් කරනවා. මෙම විශ්මලන්තය සම්පුර්ණයෙන් නිම නිමකිරීම සදහා පැය 500,000 ගතව තිබෙනවා. මෙහි සම්පුර්ණ ඉදිකිරීම් සදහා යූරෝ මිලියන 3.5 මුදලක් වැයව තිබෙනවා.

මෙහි දැක්වෙන වීඩියෝව සංචාරකයින් ඇද බැද ගැනීමේ අරමුනින් 2012 වසර සදහා නිකුත් කරන ලද්දකි.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by