Breaking News
Loading...
December 21, 2011

Info Post
එය දැකීමට අපූරු සිදු වීමකි . පසුගිය ජූලී මාසයේ සිට ලන්ඩනයේ සුනඛයින් සඳහා වන අරමුදලක් වෙත භාරදී ඇති මෙම සුනඛයින් දෙදෙනාට එසේ එහි පැමිණීමට සිදු වූයේ තම ස්වාමියා අහිමිවීම හේතුවෙනි.
ලිලි නමැති බැල්ලිය සහ ඇයට මඟ පෙන්වන්නා වන මෙඩිසන්ගේ හැසීරීම දෙස අදාළ ස්ථානයට එන සියලුම දෙනාගේ සිත් වලට සංවේදීබව, ආදරය මෙන්ම කණගාටුවද ගෙන දෙන්නෙකි. එය ආදර්ශ සම්පන්නය. ලිලිට කිසිවක් නොපෙනේ. ඇය අන්දය. වයස අවුරුදු හයක් වන ඇයගේ ඇස් පෙනීම අහිමි වූයේ කුඩා අවදියේදී සිදු වූ අනතුරකිනි. මේ නිසා මෙඩිසන් සෑම මොහොතකම අයට මඟ පෙනවන්නෙකු ලෙස සිටිය යුතු වේ. ඇතැම් අවස්ථාවලදී දෙදෙනා වෙන් වෙන්ව දුවන විටදී ලිලි මැඩිසන් පිටුපස යෑමට පුරුදු වී සිටි. ඇයට මාර්ගය මඟ හැරුණහොත් මැඩිසන් නැවත වරක් ඇය සමීපයට යන්නේය. මෙය අපූරු සිදුවීමකි. සෙයාරූ එය වඩාත් විස්තරාත්මකව දක්වයි.