Breaking News
Loading...
December 4, 2011

Info Post
නැන්ද්ම්මාගෙන් අපහාස විඳ පෙම්වතා දුවත් අරන් පැන ගියාම නැන්දම්මාට දුක හිතිලා.
(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර) "අපිට උඹලා පෑහෙන්නේ නැතැයි" දියනියගේ පෙම්වතාට පැවසූ නැන්දම්මා දියණිය පෙම්වතා සමග පැන ගිය පසු "අනේ පුතේ දෙන්නා කසාද බඳින්න" යැයි දුර කතනයෙන් ඇවිටිලි කිරීම පිලිබඳ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.මැණිකේ කෙනෙකු ලෙස පෙනී සිටි තැනැත්තියගේ දුවක් සමග හාදවු ඒ ගමේ තරුණයාට මෙම සම්බන්දය අතහරින්නැයි නිරතුරුව නැන්දම්ම තර්ජනය කලාය. දිනක් පිහියකින් අතටද පහරදී පෙම්වතාට තුවාල කලත් ඔව්හු මෙම අදාරය නතර කලේ නැත, මෑතකදී නැන්දම්මා මාමා ඇතුළු පිරිසක් පෙම්වතාට පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතවීමට ඔහුට සිදුවිය. මෙම සිදුවීම නිසා මවුපියන් පිළිකුලක් කළ දියණිය සිය පෙම්වතා සමග රහසේම පැන ගියාය, මෙම පුවත දැනගත් වහාම පෙම්වතාට නිග්‍රකළ නැන්දම්මා දුරකථනයෙන් බෑනාට අමතා "අනේ පුතේ දැන් ඉතින් මොනවා කරන්නද? අද හෙටම දුව කසාද බැඳගෙන හොඳින් ජීවත් වෙන්නැයි" පවසා ඇත. මෙය ඇසූ පෙම්වතා පවසා ඇතේ "නැන්දම්මේ දැන් අපි පෑහෙනවා නේද" ? යනුවෙනි. "එදා මට බැණවැදී නින්දා අපහස කළ ඔය කටින්ම අනේ අනේ කියන්න උනා නේදැයි" පෙම්වතා මහත්වු උජාරු හඬකින් නැන්දම්මගෙන් විමසා ඇත.