Breaking News
Loading...
July 18, 2011

Info Post
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රාන්තයක් ලෙස ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තය ප්‍රකටයි. පසුගිය සඳුදා දිනයේ දී ද තරුණයින් පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ උඩුකය ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා.
පාරේ ගමන් කරමින් සිටි එම තරුණියව නිරුවත් කිරීමට උත්සාහ ගන්නා අයුරු වීඩියෝ පටයක සටහන් වීම නිසා මේ සඳහා හවුල් වූ සැකකරුවන් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ සැක කරුවන් සිව් දෙනෙකු පමණයි.

මෙම සිදුවීම පෙන්වන වීඩියෝ පටයක් ද නිකුත් වී තිබියදීත් සැකකරුවන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ඳයෙන් එරට පොලීසිය වෙත චෝදනා එල්ලවී තිබෙනවා.

අසෑම් ප්‍රාන්තයේ මෙවැනි සිදුවීමක් මීට පෙර ද වාර්තා වී තිබෙනවා. මේ එහි සිදු වූ දෙවන සිදුවීමයි. තරුණයින් වැඩි වශයෙන් මෙවැනි ක්‍රියාකාරකම් වලට පෙළබී තිබීමත් සමඟම ඉංදියාව තුළ මෙය අළුත්ම අර්බුධයක් බවට පත් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවෙන් එලෙස වාර්තා වේද්දී ඊයේ ලංකාවෙන් වාර්තා වුනේ තම දියනියව නිරුවත් කල පියෙකු ගැනයි.

කාන්තාව නිරුවත් කිරීමට සැරසෙන පටිගතවූ වීඩියෝව පහතින් බලන්න

Newer Post
Previous
This is the last post.